ඔබට අවශ්‍ය බල්ලා තෝරාගන්නේ කෙසේද?\ How to Choose a Dog
"බල්ලා යනු මිනිසාගේ හොදම මිතුරාය". මෙසේ කියා ඇත්තේ සත්වලෝකයේ මිනිසාට හිතවත්ම සත්වයා බල්ලා වන නිසා ඉතින් අපි අද කතා කරන්න යන්නේ තමන්ට හරියන, තමන්ගෙ පවුලේ අයට හරියන බල්ලෙකු තෝරාගන්නා ආකාරය පිලිබදව. බල්ලෙක් තෝරද්දි බල්ලගේ පැත්තෙන් හිතන්න කරුනු ගොඩක් තියෙනව. උශ්නත්වය, ව්‍යායාම වගේ දේවල්.. ඉතින් ඔයා බල්ලෙක් ඇති කරනවනම් සලකා බැලිය යුතු කරුනු කීපයක් තියෙනව.
ගෙදර අයව දැනුවත් කරන්න.
ඔයා බල්ලෙක් ගේන්න කලින් ගෙදර හැමෝගෙන්ම බල්ලෙක් ගේන එක ගැන අදහස් අහල දැනගන්න. බල්ලන්ව ඇලජික් කට්ටිය ඉන්නවනම් ඉතින් බල්ලෙක්ව ගේන්න එපා. බල්ලන්ට ගෙදර අය බයනම් බල්ලෙක් තියෙන අගේ කියල දෙන්න මොකද බල්ලෝ කියන්නෙ හුගක් සුහද ශීලී සත්තු විශේශයක්. ඔයාලගෙ ගෙදර කවුරු හරි අකමැති වුනොත් බල්ලෙක් ගේන්න එපා. මොකද එක ඉස්සරහට ඔයාට වගේම බල්ලටත් ලොකු කරදරයක් වෙවි.
ඔයා බල්ලත් එක්ක කොච්චර කාලයක් ගත කරනවද?
ඔයා ගොඩක් වැඩ කරන කෙනෙක් නම් ඔයා බල්ලෙක් ගන්න කලින් ඔයාගේ බල්ලත් එක්ක ගත කරන්න පුලුවන් කාලය ගැන හිතල බලන්න ඔනේ.මොකද බල්ලෙක් නිතරම තම මිනිස් යහලුවන් අසලින් රැදෙන්න ආසයි. ඒනිසා ඔයා බල්ලට හොද අවදානයක් දෙන්න ඕනේ. මොකද අවදානය කියන දේ ආදරය කලාට හම්බෙන්නේ නෑ.ඉතින් මේ ටික ගැනත් පොඩ්ඩක් හිතන්න.
- ඔයාට පුලුවන්ද උදෙන්ම නැගිටල බල්ලට එලියට යන්න නිදහස ලබාදෙන්න?
- ඔයා හුගක් දුර ගමන් යන කෙනෙක්ද? එතකොට බල්ල බලාගන්න කවුරු හරි යලුවෙක්වත් ඉන්නවද?
ඔයාට බල්ල වෙනුවෙන් කොච්චරක් වියදම් දරන්න පුලුවන්ද?
ඔයා මොන වර්ගයක බල්ලෙක් තෝරගත්තත් බල්ල අනිවාරෙන් අවුරුදු 12 වත් ජීවත් වෙනව. ඉතින් මිනිස්සුන්ට වගේම බල්ලන්ටත් ලෙඩ තියෙනවනේ. ඒ කියන්නෙ ඉතින් බල්ලෙක්ටත් බෙහෙත් ගන්න වෙනව. ඒ හින්දා බල්ලෙක් තෝර ගද්දි තමන්ට දරන්න පුලුවන් වියදම් ගැන පොඩ්ඩක් හිතල බලන්න ඕනේ.
තවත්
- බල්ලෙක් තෝරගද්දි ඉඩ ප්‍රමානය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒහින්දා ගොඩක් පොඩි ඉඩක් නම් තියෙන්නෙ ලොකු බල්ලෙක් ගන්න එපා..
- බල්ලෝ තෝරද්දී උන්ගේ සැර, සද්දේ එයාලට හැදෙන ලෙඩ(වර්ගයට අදාලව )වගේ දේවල් හොයල බැලුවොත් ඔයාට හරියනම බල්ල තෝරගන්න ආමාරු වෙන එකක් නෑ
- ඔයා බලු පැටියව ගද්දී අදුම ස්ති 8 වත් වයස වෙන්න ඕනේ. ඒ කියන්නෙ අවම සති වත් මවු කිරි එයට දෙන්න ඕනේ. පිට රටනම් මේක නීතියක්.
- ඔයා බල්ලෙක් ගන්නවනම් ඔයාලගේ ගෙඩර දැනටමත් පොඩිලමයෙක් ඉන්නවන්ම් ඔයා පොඩි ලමයට කියල දෙන්න ඕනේ බල්ලත් එක්ක ඉන්න විදිහ. හැබයි ඔයලට තාම පොඩි ලම්යි නැත්නම් අනාගතයේ ඉන්න පුලුවන්නේ ඒත් ඒ අනාගත්යේ ලමය ගෙදර ඉද්දි බල්ල ලොකු හින්ද එයාට මේ අලුත් ලමයව එච්චර පුරු නැති වෙන්න පුලුවන් අන්න ඒ හින්ද බල්ලට පොඩි කාලේ ඉදන්ම යලුවෙක්ගෙ ලමයෙක් හරි. අහලපහල් ලමයෙක් හරි පේන මානයක තියල පුරුද් කරන්න
අන්තිමටම කියන්න ඕනේ පාරේ ඉන්න බලු පැටියයි හොද බලු පැටියයි කියල එකක් නෑ. කොයි බල්ලත් එක වගේ තමා. හැබැයි ඉතින් එහමයි කියල ඒ බල්ලන්ගේ අපි හොද වර්ග ලෙස හදුවන බල්ලන්ගේ විශේශතා දකින්න බෑ. (ශබ්දය, ඉව ).
මේක තමා අපේ වෙබ් පිටුවෙ පලවෙනි පලකිරීම.
ඔයාලගේ අදහස් පහලින් ප්‍රකශ කරන්න. තව කෙනෙක්ට බලන්න SHARE කරන්න.....
Niyamai thama eva daanaa
ReplyDelete